අද ප.ව 5.00ට පෙර උද්ඝෝෂණ භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට දැනුම් දෙයි

අගෝ 05, 2022

    ගාලුමුවදොර අරගලයේ 119 වැනි දිනය අදයි. අද සවස 5.00ට පෙර නාගරික සංවර්ධන අධිකාරියට අයත් උද්ඝෝෂණ භූමියේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් හා බෝග වගා ඉවත් කර ගන්නා ලෙස, පොලිසිය දැනුවත් කර තිබේ.

    කොටුව පොලිසියේ නියෝගය අනුව අද උදේ වන විට උද්ඝෝෂණ භූමියේ කූඩාරම් හා තාවකාලික ආවරණ එකි‍න්නෙක ඉවත් කර ගන්නා අයුරු දැක ගත හැකි වුණා.

    එහි ස්වෙච්ඡා සේවයේ යෙදී සිටි ශාන්ත ජොන් ගිලන් රථ හමුදාවේ කණ්ඩායම ද ඊයේ උද්ඝෝෂණ භූමියෙන් ඉවත් වුණා. පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වරින් වර දැනුම් දී සිටියේ, මහජනතාවගේ අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසයි.

    Latest News