අන්තරේ පා ගමනට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

මැයි 19, 2022

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමනේ නිරතවන සිසුන්ට කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.



    ඒ අනුව කොළඹ කොටුව පොලිස් වසමේ එන් එස් ඒ වටරවුමේ සිට චෛත්‍ය පාර, එන් එස් ඒ වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හංදියේ සිට යෝර්ක් වීදිය මංසන්ධිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධාන මාවත, හා ලේඩියන් බැස්ටියන් මාවත දක්වා මුදලිගේ මාවත, රෝහල්වීදිය යන මාර්ගවලට ගමන්කිරීම, එකී මාර්ගවලට ඇතුළුවීම අද (19) නොකළ යුතු බව අදාළ අධිකරණ නියෝගයේ සඳහන් කර ඇත.

    එමෙන්ම කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ නිල නිවාසයකට ඇතුළු වීම සහ හානි කිරීම ආදී කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු නොකළ යුතු බවත්, එම නියෝගයේ සඳහන් කර තිබේ.

    Media-on-2022.05.19-at-1500.jpg

     

     

    Latest News