විරෝධයෙන් උණුසුම් වූ කොළඹ (වීඩියෝ)

නොවැ 02, 2022
  • දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් සංවිධාන කළ ඒකාබද්ධ විරෝධතා පෙළපාලියක් අද කොළඹදී පැවැත්වුණා.

    කෙසේ වුවද, පොලීසිය මාර් ග බාධක යෙදීම නිසා විරෝධතා පෙළපාලියට සැලසුම් කර තිබූ පරිදි කොටුව දුම්රිය ස්ථානය අසලට යාමට හැකිවූයේ නැහැ. 

    ආණ්ඩුවේ මර් දන කාරී ප්‍රතිපත්තිය නතර කර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හකුලා ගන්නැයි බල කරමින් මෙම ඒකාබද්ධ විරෝධතා රැලිය සංවිධාන කර තිබුණා.  ඒ සදහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වූ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ කණ්ඩායම,  පෙරටුගාමී සමාජවාදී පක්ෂය, 43 වැනි සේනාංකය යන පක්ෂවල නායකයින් ඇතුළු නියෝජිතයන් එක්ව සිටියා. 

    සිවිල් සංවිධාන සහ ශිෂ්‍ය ව්‍යාපාර කිහිපයක්ද ඊට සහභාගි වුණා. පොලීසිය දන්වා තිබුණේ, එම විරෝධතාවට  පොලීසියෙන් සීමා පනවා ඇති බවයි. කෙසේ වෙතත්, මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලට රැස්වූ විරෝධතාකරුවන් පාගමනින් කොටුව දුම්රිය ස්ථානය දක්වා‍ ගමන් කිරීමට උත්සහ කළා.

    එහෙත්, පොලීසිය මාර් ග බාධක යොදමින් මරදාන දුම්රිය මූලස්ථානය අසලින් විරෝධතා පාගමන නවතා දැමීමට කටයුතු කළා.  එම ස්ථානයේ යම් උණුසුම්කාරී තත්වයක් පොලීසිය සහ විරෝධතාකරුවන් අතර පැවතියද ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමක් සිදු නොවීම විශේෂත්වයක්.  පසුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගිය අතර, කුඩා කණ්ඩායමක් මාර් ග බාධකය අසල විරෝධතාවේ නිරතව සිටියා.

    Last modified on බදාදා, 02 නොවැම්බර් 2022 21:29

    Latest News