පුරප්පාඩුව පවතින මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු නම් කරමින් ලබන 27 වැනිදා තෙක් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් උතුරු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 

"බුරවි" සුළි කුණාටුව මන්නාරම්,බොක්කේ සිට කිලෝමීටර 145ක් බටහිර දෙසින් තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

බුරවි සුළි කුණාටුව මේ වන විට මන්නාරම් බොක්ක මුහුදු තීරය ඔස්සේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පවතියි.

මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාකුලම් ග්‍රාමය, පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පවතින බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.

මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මකයි.

අනුරාධපුර ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් නගරය අවට හා මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ටී.ජේ.මීගස්තැන්න පවසයි.

තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේ දී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සොයාගෙන තිබේ.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මන්නාරම ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම සමුහ මිනීවලේ කැනීම් කටයුතු ඉදිරිමාස 3ක කාලයක් තාවකාලිකව නැවැත්වීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මන්නාරම සමූහ මිනිවලේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

Latest News