මන්නාරම සමූහ මිනිවලේ කැණීම් නවතයි

මාර් 09, 2019

    මන්නාරම සමූහ මිනිවලේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

    ඒ දින 156ක් සිදුකළ කැණීම් කටයුතුවලින් අනතුරුවයි. කැණීම්වල දී අස්ථි කොටස් 342ක් හමුවිය. ඉන් 29ක් කුඩා දරුවන්ගේ වීම විශේෂත්වයක්. මේ කාලසීමා නිර්ණය සඳහා අස්ථි කොටස් කිහිපයක් අමෙරිකාවේ ෆ්ලොරීඩා පිහිටි බීටා රසායනාගාරයට යැවීමෙන් අනතුරුව, එහි කාල නිර්ණ වාර්තාව ලැබී තිබිණ.

    ඒ අනූව, ක්‍රිස්තු වර්ෂ 1450ත් 1600ත් අතර කාලයට එම අස්ථි කොටස් අයත් බව වාර්තාවේ සඳහන්.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 11:27

    Latest News