මන්නාරමින් මේ වන විට වී කිලෝ ලක්ෂ 5 මිලදී ගෙන අවසන්

පෙබ 28, 2020

    මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මකයි.

    රජය එහි මුල්‌ අදියර වෙනුවෙන්‌ වෙන්‌ කර ඇති මුදල රුපියල්‌ කෝටි 383 කි. මන්නාරම දිස්ත්‍රික්කයෙන්‌ පමණක්‌ මේ වන විට වී කිලෝ ලක්‍ෂ 05ක්‌ මිලදීගෙන අවසන්‌ව ඇත. ගොවීහු ඒ පිළිබඳ රජයට සිය ප්‍රශංසාව පළකරන සිටිති. දිස්ත්‍රික්කයේ වී වගා කෙරෙනු ප්‍රමාණය අක්කර 27,000 කි. මුරුක්කන්‌, නානට්ටාන්‌, කර්කාකුලම්‌ යන ගබඩාවලදී වී මිලදී ගැනීමේ කටයුතු සාර්ථකව සිදු කෙරේ. ඒ සඳහා යුද හමුදාවෙන්‌ ද පූර්ණ සහයක්‌ ලැබෙන බවයි අප වාරනාකරු පවසන්නේ.

    වව්නියාව දිස්ත්‍රික්කයේ ද හෙක්ටයාර 19,000 ක මෙවර වී වගා කෙරිණ. මුලතිව් දිස්ත්‍රික්කයේ වගා කෙරුණු කුඹුරු අක්කර ප්‍රමාණය 21,000කි. එම දිස්ත්‍රික්ක 2හි මධ්‍යස්ථාන 11ක දී වී මිලදී ගැනීම සිදු කෙරේ.

    Latest News