පුද්ගලයෙකු පැහැර ගැනීමේ චෝදනාවට ASP අත්අඩංගුවට

අප්‍රේ 02, 2019

    පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මන්නාරම ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2008 වසරේ දෙසැම්බර් 31 වැනි දින මඩපාත, පිළියන්දල පදිංචි අජිත් සුනන්ද කණ්ඩම්බි යන අය මෙලෙස පැහැරගෙන ගොස් වධ හිංස පමුණුවා, අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල වී තිබේ.

    ඒ වන විට ඔහු පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ලෙස රාජකාරී කටයුතුවල නියැලිණ. ඒ සම්බන්ධයෙන් අපරාධ පැරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි, ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සහකාර පොලිස් අධිකාරීවරයා, අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

     

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 11:16

    Latest News