'බුරවි' මන්නාරම් බොක්කේ සිට කි.මි 145ක් දුරින්

දෙසැ 05, 2020

    "බුරවි" සුළි කුණාටුව මන්නාරම්,බොක්කේ සිට කිලෝමීටර 145ක් බටහිර දෙසින් තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

    හෙට (06) උදෑසන වනතුරු පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

    උතුරු සහ වයඹපළාත් වලත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලයදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 75 පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.

    සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    Latest News