මන්නාරම සමූහ මිනීවලේ කැනීම් මාස 3කට නවතී

මාර් 24, 2019

    මන්නාරම සමුහ මිනීවලේ කැනීම් කටයුතු ඉදිරිමාස 3ක කාලයක් තාවකාලිකව නැවැත්වීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    මිනීවලේ කටයුතු පිළිබඳව එහි කැනීම් කටයුතු භාර විශේෂඥ වෛද්‍යවරු,පුරාවිද්‍යා නිලධාරීන්,පොලීසිය,රස පරීක්ෂක අංශ එක්ව කළ විශේෂ සාකච්ජාවකින් පසුව මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා ලබා දී ඇත. මෙම සමූහ මිනී වලෙන් අස්ථි කොටස් මළ සිරුරු 342ක සොයා ගත් අතර මෙම අස්ථි කාලනිර්ණය සඳහා කාබන් පරීක්ෂාවකට ලක් කෙරිණ. අමෙරිකාවේ ෆ්ලොරීඩාහි සිදුකළ පරීක්ෂණයේ දී මෙම මළ සිරුරු ක්‍රි.ව. 1450 - 1650 අතර කාලයේ බවට තීරණය විය.

    පසුගිය වසරේ මාර්තු මාසයේ දී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පොළව කැණීමේ දී අස්ථි කොටස් සොයා ගැනීමත් සමග එම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරිණ. කෙසේ නමුත්, ඉදිරි පුරා විද්‍යාත්මක කටයුතු සඳහා කැනීම් ඊයේ සිට(23) මාස 03කට තාවකාලිකව නතර කෙරිණ.

    Last modified on ඉරිදා, 24 මාර්තු 2019 09:27

    Latest News