අනුරාධපුර - මන්නාරම ගංවතුර තත්වයක්

දෙසැ 07, 2019

    අනුරාධපුර ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් නගරය අවට හා මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ටී.ජේ.මීගස්තැන්න පවසයි.

    රාජංගනය ජලාශයේ ගේට්ටු 4ක් විවෘත කර තිබේ 8900 (තත්පරයට ඝන අඩි මුදා හරින අතර කලාඔයට මුදා හරින ප්‍රමාණය අඩුකර ඇත. අංගමුව ජලාශය ගේට්ටු 2ක් අඩි 2කින් විවෘත කර තත්පරයට ඝන අඩි 1230 කලාඔයට මුදා හරියි. තිසා වැව අභය වැව හා මහවිලච්චිය වැව් වාන් දමයි.

    නුවර වැව වාන් දොරටු 4ක් විවෘත කර තත්පරයට ඝණ අඩි 400ක් මල්වතු ඔයට මුදාහරී. මහකනදරාව වාන් දොරටු 2ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2230ක් මල්වතු ඔයට මුදාහරී. නාච්චදූව ගේට්ටු 6ක් විවෘතර කර තත්පරයට ඝන අඩි 4900ක් මල්වතු ඔයට මුදාහරී. හාල්පන් ඇළ අමුණේ සියලු දොරටු විවෘත කර තිබේ. යාන් ඔය ජලාශයේ වාන් දොරටු 5ක් විවෘත කර තත්පරයට ඝන අඩි 13450ක් යාන් ඔයට මුදා හරින අතර මුදාහරින ප්‍රමාණය වැඩිකර තිබේ.

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 11:18

    Latest News