මන්නාරම පවුල් 1008ක් සුබ සාධන මධ්‍යස්ථාන වෙත

දෙසැ 03, 2020

    බුරවි සුළි කුණාටුව මේ වන විට මන්නාරම් බොක්ක මුහුදු තීරය ඔස්සේ ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යමින් පවතියි.

    මන්නාරම, යාපනය හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල වැසි හා තද සුළං හටගත් බවයි,කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙන්නේ. කුණාටුව ශ්‍රී ලංකා භූමියෙන් ඉවතට යමින් පවතින්නේ මන්නාරම හා පුනරින් අතර වෙරළ තීරයෙන්.

    එම ප්‍රදේශයේ මුහුද බෙහෙවින් රළු ස්වභාවයක් ගනු ලැබූ අතර, උදම් රළ ගොඩබිමට ගලා ආ බව මන්නාරම රූපවාහිනී වාර්තාකරු ප්‍රකාශ කරයි. අයහපත් කාලගුණය ආශ්‍රිත අනතුරු‍ හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ පවුල් 1008ක් සුබ සාධන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබ සිටියි.


    පහත් බිම් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇති බව ද අප වාර්තාකරු සඳහන් කරයි.

    Latest News