අනතුරට ලක්වූ බෝට්ටුවේ බීඩි කොළ තොගයක්

අගෝ 25, 2019

    තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේ දී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 120 ක් සොයාගෙන තිබේ.

    මුර සංචාරය සඳහා යොදවා තිබූ නාවික යාත්‍රාවක් මගින් අනතුරට පත්ව මුහුදේ පාවෙමින් තිබු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරිමේදි මෙම පාර්සල් දෙක හමුව ඇත. මෙම අනතුරට පත් යාත්‍රවේ ධීවරයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර, ඉන් එක් ධීවරයෙකුගේ දිවි බේරාගෙන තිබේ. බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාරදී තිබේ.

    ‍මේ අතර නාවික හමුදාව  23  සහ 24 වැනිදා මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලන්  බීඩිකොළ කිලෝග්‍රෑම් 2264.9 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

    උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන් වලට අයත් නාඩුකුඩා, වංකාලෙයි සහ ඕල්ඩ් පියර් වෙරළ තීරයන් ආශ්‍රීතව සිදු කරන ලද සෝදිසි කිරීම් වලදි වෙරළට ගොඩගසා තිබූ සොයා ගැනීමට සමත්ව ඇත්තේ පාර්සල් 27 ක අසුරා තිබියදි වේ. ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාරදී තිබේ.

     

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 11:33

    Latest News