වතු සමාගම් හා දේශිය ආයෝජකයන් අතර විශේෂ සාකාච්ජාවක් ඊයේ (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විමර්ශන ඒකකයට අද ප්‍රකාශයක්‌ ලබා දුන්නා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් නාවලපිටියට ගොස් තිබේ.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 19 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළා.

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පණවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(31) නියම කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා හෝ ඇමතිවරුන් හෝ අධිකරණයට බලපෑම් කර ඇති බවට, හඩ පටවල සටහන්ව ඇත්නම්, ඒවා හෙළිදරව් කරන්නැයි, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රන්ජන් රාමනායක මහතාට අභියෝග කරයි.

ආන්දෝලනාත්මක හඬපට වලින් අධිකරණයට සහ විනිසුරුවරුන්ට වු බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති බැවින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස ඔහුගේ නීතිඥවරු අද කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

යහපාලන ආණ්ඩුව වසර හතරක් අලුතින් විදුලිය නිෂ්පාදනය නොකිරිමෙන් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 622ක පාඩුවක් ලබා ඇතැයි විදුලිබල රාජ්‍ය ඇමති හා රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

පසුගිය ආණ්ඩුවේ දුෂණ ගැන කළ පැමිණිලි පිළිබඳව සොයා බලන්නැයි වාසුදේව,මහින්දානන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් අල්ලස් කොමිසමට ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධ හඬපටවලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි පවසමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (7)  පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

Latest News