තරග පාවාදීමේ සිද්ධිය දේශපාලන වේදිකාවට ගන්න එපා - මහින්දානන්ද (වීඩියෝ)

ජූනි 24, 2020
  • හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විමර්ශන ඒකකයට අද ප්‍රකාශයක්‌ ලබා දුන්නා.

    ඒ, 2011 ලෝක කුසළාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන්‌ මහ තරගය පාවාදුන්‌ බවට තමාට සැකයක් පවතින බව පවසමින්‌ ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්‌. මාධ්‍ය හමුවක්‌ කැඳවමින්‌ හිටපු අමාත්‍යවරයා සඳහන්‌ කළේ, තරඟ පාවාදීමේ සිද්ධියට කිසිදු ක්‍රඩකයෙකුට චෝදනා නොකරන බවත්‌, දේශපාලන වේදිකාවට මෙය රැගෙන නොඑන ලෙසත්‌ තමා අදාළ පුද්ගලයන්ගෙන්‌ ඉල්ලා සිටින බවයි.

    අවසන්‌ මහ තරගයට ශ්‍රී ලංකාව පිවිසියේ වෙනස්කම්‌ 4 ක්ද සමගින්‌. අවසන්‌ පූර්ව තරගය ක්‍රීඩා කළ චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්‌, රංගන හේරත්‌ සහ ඇන්ජලෝ මැතිව්ස්‌ වෙනුවට චාමර කපුගෙදර, සුරාජ්‌ රන්දීප්‌, නුවන්‌ කුළසේකර සහ තිසර පෙරේරා කැඳවා තිබුණා. පළමුවෙන්‌ පන්දුවට පහර දුන්‌ ශ්‍රී ලංකාව, ලකුණු 274 ක්‌ රැස්‌ කළා. මහේල ජයවර්ධන නොදැවී‌ 103 යි. ඉන්දියාව, පන්දුවාර 48 කදී කඩුලු 4 ක්‌ දැවී ලකුණු 277 ක්‌ රැස්‌ කරමින්‌, ලෝක ක්‍රිකට්‌ කිරුළු තමන්‌ සතු කර ගත්තා. මෙම තීරණය පිළිබඳව යළි කතාබහට ලක් වූයේ ශ්‍රී ලංකාව තරගය පාවාදුන්නේ යැයි සැකයක් පවතින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා කළ ප්‍රකාශයත් සමගයි. ඒ සම්බන්ධයෙන්‌ අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශක් ලබා දීමෙන් අනතුරුව, හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවක්‌ කැඳවා තිබුණා.

    මෙවැනි ප්‍රකාශයක් මෑත කාලයේදී සිදුකිරීම සම්බන්ධයෙන් ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී කරුණු පැහැදිළි කළා. ක්‍රිකට් ක්‍රීඩකයන් මීට සම්බන්ධ නොමැති බවට පවසද්දී පවා ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම කණගාටුදායක බව ඒ මහතා එහි දී කියා සිටියා. එමෙන්ම පරීක්ෂණයට සහය දෙන ලෙසත් මෙය දේශපාලනයට සම්බන්ධ නොකරන ලෙසත් එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කළා.

    Latest News