යහපාලනය අලුතින් විදුලිය නිෂ්පාදනය කළේ නැහැ: සාම්පුර් බලාගාරය අත්හිටුවිම අපරාධයක්

ජන 08, 2020

    යහපාලන ආණ්ඩුව වසර හතරක් අලුතින් විදුලිය නිෂ්පාදනය නොකිරිමෙන් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 622ක පාඩුවක් ලබා ඇතැයි විදුලිබල රාජ්‍ය ඇමති හා රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    විදුලිබල අමාත්‍යාංශය 2015 සිට මේ දක්වා විදුලි බල පද්ධතියට මෙගාවෝට් එකක්වත් එක් කර නොමැති බවත්, සියලු ව්‍යාපෘති නවතා දමා, මැතිවරණයක් ආසන්නයේ හදිසි විදුලි අවශ්‍යතාවයක් ලෙස වැඩි මිලට විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළේය.

    එක් විදුලි එකකයක මිල රුපියල් 33 ලෙසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන රුපියල් 62ක මුදලක් ලබා දී ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේ සාම්පූර් බලාගාරය සෑදීමට සැලසුම් කර තිබූ බවත්, එය සාදා තිබුණේ නම් මේ වනවිට මොගාවොට් 500ක ධාරිතාවයක් විදුලි බල පද්ධතියට එක් වන බවත් ඇමතිවරයා අවධාරනය කළේය.

    මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු සොයා බලන බවත්, නීතිය ක්‍රියාත්මක කළ ද නීතිය අතට නොගන්නා බවත්,අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතියන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:10

    Latest News