ආන්දෝලනාත්මක හඬපට කතාව මහින්දානන්ද අධිකරණයට ගෙන එයි

ජන 16, 2020

    ආන්දෝලනාත්මක හඬපට වලින් අධිකරණයට සහ විනිසුරුවරුන්ට වු බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති බැවින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස ඔහුගේ නීතිඥවරු අද කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස සිටිමින් එහි රුපියල් ලක්ෂ 39 ක් සාවද්‍ය පරිහරණ චෝදනා නීතිපති විසින් එරෙහිව ගොනුකර තිබිණ. එම නඩුවේ වඩි දුර විභාගය අද පැවති අවස්ථාවේදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මේ බව කියා සිටියේය.

    එම ආන්දෝලාත්මක දුරකථන ඇමතුම් වල තම සේවාදායකයාගේ නම කිහිප අවස්ථා සඳහන්ව ඇති බව ජනාධිපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙන්වා දුනි.

    ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් රජය මගින් කොමිෂන් සභාවක් පිහිටුවිමට යෝජිත බැවින් තම සේවාදායකයා කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති නීතිඥවරයා කරුණු සැලකර සිටියේය.

    විනිසුරු විසින් මෙම කරුණ අධිකරණය හමුවේ සටහන් කරගනු ලැබිණ. ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර වැඩිදුර නඩු විභාගය මාර්තු මස 10 වන දා තෙක් කල් තැබිණ.

     

     

     

     

    Latest News