පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට සෞඛ්‍ය සම්පන්න පාරම්පරික සහල් කැඳ වීදුරුවක්

අගෝ 28, 2020

    පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීමට සැලසුම් කෙරේ.

    කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ(27) ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.

    රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස මෙම වැඩසටහන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් ඉදිරිපත් ක‍ළේය.

    වත්මන් පාසල් දරුදැරියන් අතර මන්දපෝෂණයල අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවතිග තවද අධිරුධිර පීඩනයල දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද පාසල් දරුවන් අතර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතීම ගැටළුවකිග මෙම ගැටළුවලට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල්වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් පෙන්වා දෙන ලදී.

    කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම යෝජනාවට එකඟතාවය පළ කල අතර මෙම වැඩසටහනේ ශක්‍යතා අධ්‍යනයක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතාල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.

    Latest News