හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

අමාත්‍ය නලින් රුවන් ජීව ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගය සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බව කියන කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

හරිත කෘෂිකර්මාන්තය නැවත ඇති කිරීම උදෙසා රසායනික දිලීර නාශක හා වල් නාශක ආනයනය තහනම් කිරීමට අප්‍රේල් මස 26 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන බවත්, අද සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර විකිණීමේ අවස්ථාව හිමිවන බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

එළැඹෙන මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය සියලු පොහොර ගොවිජන මධ්‍යස්ථාන මගින් ගොවීන්ට දීම සිදු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

තිරසර කෘෂිකර්මාන්තයක් සදහා වන අමාත්‍යාංශයීය කාර්ය සාධක බලකාය සදහා සාමාජිකයින් පත් කිරිම ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටස් 200කට අධික ප්‍රමාණයක් අයථා ලෙස බදු දීම, අනවසරයෙන් අල්ලා ගැනිම සම්බන්ධයෙන් පරීක්ෂා කොට වාර්තාවක් සකස් කිරිම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (04) තහවුරු වී තිබේ.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරයා අද කොළඹ මහාධිකරණයට දන්වා සිටියා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 31 වනදා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද නියෝග කළා.

Latest News