යහපාලනයේ ඇමතිව සිටි මහින්ද අමරවීරගේ කථාව

පෙබ 15, 2019

    රට ණය වී ඇති ප්‍රමාණය විගණකාධිපතිවරයාට ද නිශ්චිතව ගණනය කරන්න බැරි තත්වයක් උදාවි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

    එම තත්වය භේදවාචකයක් බව ඔහු කියා සිටියේ රන්න කදිරගොඩ ප්‍රථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මහින්ද අමරවීර - මේ රටේ විගණකාධිපතිවරයා පවසනවා රට ණය වී ඇති ප්‍රමාණය පිළිබදව නිශ්චිත ව ගණනය කරන්න බැරි තත්වයක් තිබෙනවා කියල. මේ තත්වය මොන තරම් භේදවාචකයක්ද ? රට ට මේ වන තෙක් අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් නෑ . අධ්‍යපනයට පමණක් නොවේ වෙනත් කිසිදු දේකට මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නෑ. රජයන් වෙනස් වෙන කොට පමණක් නොවෙයි ඇමති මාරු වෙන කොට වෙනස් වෙන ප්‍රතිපත්ති මේ රටේ තිබෙන්නේ.

    පසු ගිය දිනයක පාසැල් ගුරුවරියක් අධිකරණය මගින් සිර ගත කළා. මොන තරම් ඛේදවාචකයක්ද ? අපි පාසැල් යන කාලයේ ඔහොම තත්වයක් තිබුනා නම් අපිත් අද අපරාධකාරයො වෙලා. මම ඒ අධිකරණ තීන්දුවට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා පමණක් නොව එම ගුරුවරියට යම් සහනයක්ද ලැබිය යුතුය යන මතයේ සිටිනවා යැයි ඔහු කියා සිටියේය.

    තංගල්ල අධ්‍යාපන කලාපයේ වැසීයාමේ තර්ජනයට ලක්ව තිබූ රන්න කදිරගොඩ ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 60 වැය කර ඉදිකළ නව පන්ති කාමර සහ විදුහල්පති කාර්යාලය සිසු අයිතියට පැවරීණ. දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රතිපාදන මගින් ඉදිකරනු ලැබිණ. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා ධීවර අමාත්‍ය එච්. ඩබ්ලිව්. ගුණසේන මහතා එක්විය.

    Latest News