බොරතෙල් ආනයනය කර පිරිසිදු කිරීමෙන් අඩුමිලට ජනතාවට

දෙසැ 03, 2019

    බොරතෙල් මෙරටට ආනයනය කොට පිරිසිදු කිරීමෙන් දැනට පවතින මිලට අඩුවෙන් ජනතාවට ලබාදිය හැකි බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රාජ්‍ය මුදල් වෙන් කිරීමේ දී ඒ සඳහා ප්‍රමුඛස්ථානය දිය යුතු බව ද ඒ මහතා පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින්. නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යවරයා සමග සපුගස්කන්ද තෙල් පිරිපහදු අංගනයේ ප්‍රධාන කළමනාකාරවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් රැසක් එක්ව සිටියේය. අනතුරුව, එහි ප්‍රධාන මෙහෙයුම් පාලක මැදිරිය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

     

     

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 14:34

    Latest News