අගමැති සහ ඇමති මණ්ඩලයක් නැතිවීම අනතුරුදායකයි - මහින්ද කියයි

දෙසැ 11, 2018

    අග්‍රාමාත්‍යවරයෙකු හෝ අමාත්‍ය මණ්ඩලය නොමැතිව තවදුරටත් රට ක්‍රියාත්මක වීම ඉතා අනතුරුදායක බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද අවධාරණය කළා.

    මේ කාල සීමාවේ දී ස්වභාවික ආපදාවක් සිදුවුවහොත් එය ඉතා අනතුරුදායක තත්වයකට පත්වනු ඇති බව ඔහු කියා සිටියේය..මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ  හාවස්ට් - 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනයට අද එක්වෙමින්.

    මාධ්‍යෙවත අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා....

    අපිටත් හිතන්න බෑ මොකක්ද වෙන්නේ කියලා..එක දෙයක් දන්නවා ලොකු අනතුරක තියෙන්නේ කියලා...විශේෂයෙන්ම දෙසැම්බර් මාසේ කියන්නේ ලොකු ගංවතුරක් හරි ආපදා තත්වයක් ඇති වෙන කාලයක්..මම ආපදා කළමකරණ අමාත්‍යවරයා විදිහට හිටපු කාලේ ඉදන් මම ඒක දන්නවා..සුනාමි අවෙත් දෙසැම්බර් මාසේ...දැන් ඉතින් ඒ වගේ දෙයක් ආවොත් දෙවියන්ගේ පිහිටයි මිනිසුන්ට..මොකද කැබිනට් එකක් නැහැ...කටයුතු කරන්න ඇමතිවරයෙක් නැහැ.

    වගකිවයුත්තෙක් පේන්න නැහැ..අධිකරණය අත්හිටවලා තියනවා.දින නියමයක් නැතිව කටයුතු කල් තියලා තියනවා...මැතිවරණයක් එන වෙලාවට ශ්‍රිලනිපත් පොහොට්ටුවේ පක්ෂයත් එකතුවෙලා ඉදිරිපත් වෙන්න ඕන කියලා මතයක් ගොඩ නැගිලා තියනවා..සාකච්ජා පවත්වනවා.. තවම අවසාන නිගමනයකට ඇවිත් නැහැ...

    අධිකරණයෙ කඩිනමි විසඳනවා නම් හොදයි..සාමාන්‍ය ජනතාව මේ කෙන් විශාල වශයෙන් පීඩාවට පත්වෙලා තියෙනවා. වෙලාවට අපේ පොහොර ටෙන්ඩරයට කැබිනට් අනුමැතිය ලැබුණා...ඒත යම් යම් ප්‍රදේශවල පොහොර හිගතාවයකුත් නිර්මාණය වෙලා තියෙනවා..ඒ තීන්දු කල් ඇතිව අරගෙන තිබුනේ නැත්නම් අද ගොවියට විශාල අර්බුදයට මුහුණ දෙන්න වෙනවා..ඒවගේම බෙහෙත් මිලදී ගන්නත් සෑම සතියකට කැබිනට් මණ්ඩලයෙන් තමයි අනුමැතිය දෙන්නේ...නමුත් කැබිනට් මන්ඩලය රැස්වෙන්නේ නැති නිසා බෙහෙත් හිඟයක් මතුවෙන්න අවදානමක් තියෙනවා රට තුල..ඒක සාමාන්‍ය මිනිසුන්ට ලෙඩ්ඩුන්ට බලපානවා..කොහොම වුනත් අධිකරණයෙන් දෙන තීන්දුව බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ...

    Latest News