ස්විස් තානාපති නිලධාරිනි සිද්ධිය ගොතපු පුවතක්: සාක්ෂි තියෙනවා..... ඇමති අමරවීර

දෙසැ 11, 2019

    ස්විස් තානාපති නිලධාරිනිය සම්බන්ධ සිද්ධිය ගොතන ලද පුවතක් බව තහවුරු වී ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

    ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    ආණ්ඩු පක්ෂ නායකයින්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (10) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම හමුව ඊයේ පවසවරු 6 සිට පැය 02කට ආසන්න කාලයක් පැවැති බව වාර්තාවේ.

    එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා.......

    ප්‍රශ්නය- ස්විස් තානාපති කාර්යාලයේ පැහැරගත් කාන්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කළාද?

    අමාත්‍ය මහින්ද අමරවීර- කුමන්ත්‍රණකරුවන් සොයා ගැනීම තියෙන්නෙ. සිද්ධිය ගොතපු කතාවක් බව පැහැදිලියි. ජනාධිපතිතුමාගේ අදහසත් එයයි. හේතුව සොයා බැලිය යුතුයි. බොරුවක් බව තහවුරුයි. අනුබල දීපු අය සෙවිය යුතුයි. රජය අපහසුතාවට පත්කරන්න. සැලසුම් සහගතව කරපු දෙයක්

    ප්‍රශ්නය- ඒක ඔප්පු කරන්න සූදානම්ද ?

    අමාත්‍ය මහින්ද අමරවීර- පුළුවන් සාක්ෂි තියෙනවා

    Latest News