ඉන්ධන මත පනවා තිබූ අධිභාරය ඉවතට

ජූනි 25, 2020

    කොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය පෙරේදා රාත්‍රී (23) සිට ඉවත් කරන ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඊට හේතුව නම් නැවතත් ලෝක වෙළෙඳ පළේ ඉන්ධන මිල ගණන් ක්‍රමයෙන් ඉහළයමින් පැවැතීමයි. ලෝක වෙළෙඳපළ තුළ ඉන්ධන මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමේ අදහසක් නැතැයි අමාත්‍යවරයා පැවසීය.

    ඉන්ධන අධිභාරය ඉවත් කිරීම මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවන පාඩුව පෙට්රැල් ලීටරයකට රුපියල් 35කටත් වඩා වැඩිවන අතර, ඩීසල් ලීටරයකින් සිදුවන පාඩුව රු. 25ක් පමණ වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය මාස දෙක තුන තුළ ලෝක වෙළෙඳ පළෙහි ඉන්ධන මිල පහළ යාම තාවකාලිකව සිදු වූවක් වන අතර කොවිඩ් 19 නිසා ලෝකයේ බොහෝ රටවල් විසින් පනවා තිබු සීමාවන් ඉවත් කිරීමත් සමග නැවත වරක් ඉන්ධන මිල ඉහළ යමින් තිබේ. එම අවස්ථාවේ මිල අවම නිසා ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමක් සිදු නොකළේ ඉන්ධන මිල ඉහළ ගිය පසු නැවතත් මිල වැඩි කිරීමට සිදුවන නිසා බව කී අමාත්යනවරයා ඉදිරි කාලය තුළ ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල කෙතරම් ඉහළ ගියද, මෙම වසර අවසානය වන තෙක් මෙරට ඉන්ධන ‍ මිල ඉහළ දැමීමක් කිසිදු අයුරකින් සිදු නොකරන බව ද සඳහන් කළේය.

    ඉන්ධන අධිභාරය පැනවීමේ වාසිය මහජනතාවට ලබා දීම රජයේ අරමුණ බව ද හෙතෙම අවධාරණය කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 10:28

    Latest News