දිවයිනේ වැඩපිළිවෙළට සහ වෙමින් විදුලි සැපයුම අඛණ්ඩව...ඇමති අමරවීර

අප්‍රේ 08, 2020

    පවතින තත්වය හමුවේ කිසිදු විදුලි කප්පාදුවක්, හදිසිම අවස්ථාවක හැර විදුලි බිදවැටීමක්, විදුල මිල වැඩි කිරීමක් මෙන්ම ඛනිජ තෙල් මිල වැඩි කිරීමට කිසිම සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ ඊයේ (07) දහවල් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

    මේ මොහොතේ සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව පොලීසය විශාල කටයුත්තක් සිදු කරණ බවත්, ඔවුගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිවයින පුරා අඛන්ඩ විදුලි සැපයීමත් සිදු කලයුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 09:08

    Latest News