කිසිදු ලෙසකින් බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ - අමාත්‍ය අමරවීර (වීඩියෝ)

ජූනි 16, 2020
  • කිසිදු ලෙසකින් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

    කවරෙකු හෝ අත්තනෝමතික ලෙස බස් ගාස්තු වැඩි කළහොත් එම බස් රථවල බලපත්‍ර අහෝසි කරන බව ඔහු පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකින් අනතුරුවයි. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, මහ බැංකු හා වාණිජ බැංකු නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. අගෝස්තු 15ට පෙර “ට්‍රැවල් කාඩ්පත“ හඳුන්වා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

    Latest News