හැටන් තැපැල් පියස කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය විම නිසා තැපැල් පියස දින 14 ක් වසා දැමිමට තැපැල් ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබේ.

'කොවිඩ් 19' වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිබදව හැටන් නගරයේ ව්‍යාපාරිකයන් සහ නගරයට පිවිසෙන පාරිභෝගිකයන් දැනුවත් කිරීමට හැටන් පොලිසියේ නිලධාරින් ඊයේ (26) කටයුතු කළේය.

තේ වත්තක ගසක බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිස මතට කඩා වැටිමෙන් දැඩි අසාධ්‍යය තත්ත්වයේ සිටි කාන්තාවක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද (22) ඇතුළත් කර තිබේ.

ලංගම බස් රථයක් සහ ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 10ක පමණ කොටසක් විනාශ වී තිබේ.

නෝර්වුඩ් බිලින්කිබොනි තේ වතු යායේ නිවාස පේලියක හටගත් ගින්නක් හේතුවෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

මස්කෙලිය ප්‍රදේශයේ තේ වතු අටක කාර්යය මණ්ඩලය අද (26) දින මවුස්සාකැලේ මංසන්ධියේ දී උද්ඝෝෂනයක නිරත විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට අලෙවි කිරීමට තහනම් කර ඇති එන්.සී නමැති මත්ද්‍රව්‍ය ටින් 75ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආහාර විස වීමක් හේතුවෙන් නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් 42ක් මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් කොමර්ෂල් ප්‍රදේශයේ දී ගාල් කර තිබු  ලොරි රථයක පිටුපස ගැටි අනතුරට ලක්ව තිබේ. 

Latest News