කාන්තාවකගේ හිසට බඹර කුඩුවක් කඩා වැටේ

සැප් 22, 2020

    තේ වත්තක ගසක බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිස මතට කඩා වැටිමෙන් දැඩි අසාධ්‍යය තත්ත්වයේ සිටි කාන්තාවක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද (22) ඇතුළත් කර තිබේ.

    බගවන්තලාව, චැපල්ටන් තේ වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසක් අද දින උදැසන 9.30 ට පමණ තේ දළු නෙලමින් සිටියදී ඊට ඉහළින් ගසක බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දුන් අවස්තාවේ බඹර කුඩුව එම වතු කම්කරු කාන්තාවගේ හිස මතට කඩා වැටී තිබේ.

    එම කාන්තාවගේ කන තුළ සහ නාසය තුළ බඹරුන් රැඳී සිටි බවත්, එම බඹරුන් ඉවත් කිරීමට වහා කටයුතු කළ බවයි රෝහල් වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

    9

    4 2

    6

    3 1

     

    Latest News