දන්සල් බත් වතුකම්කරුවන් 42්ක් ලෙඩ කරයි

අප්‍රේ 20, 2019

    ආහාර විස වීමක් හේතුවෙන් නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් 42ක් මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

    නල්ලතන්නිය කොවිලේ ඊයේ (19) පැවති වාර්ෂික උත්සවයේදී වතු කම්කරුවන්  වෙත ලබාදුන් දන්සලක ආහාර අනුභව කල අයගෙන් කුඩා ළමුන් 7 දෙනෙක් සහ කාන්තාවන් සහ පිරිමින් 35 දෙනෙකු ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ.උදරයේ අමාරුව සහ පාචනය යන රෝග ලක්ෂන මෙම පිරිසට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

    බත්,පරිප්පු,බටු සහ වට්ටක්කා ව්‍යංජන වශයෙන් පාර්සල් වශයෙන් සකස් කර කොවිලට පැමිණි වතු කම්කරුවන්ට කොවිලේ පාලක සභාව විසින් බෙදා හැර ඇත. ආහාර විස විම සම්බන්ධයෙන් මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යයාලය මගින් පරික්ෂණයක් අරම්භ කර තිබේ.

    1 1 1

    1 5

    1 4

    1 1

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 08:46

    Latest News