සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නැයි, ජනතාව දැනුවත් කෙරේ

අප්‍රේ 26, 2021

    'කොවිඩ් 19' වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිබදව හැටන් නගරයේ ව්‍යාපාරිකයන් සහ නගරයට පිවිසෙන පාරිභෝගිකයන් දැනුවත් කිරීමට හැටන් පොලිසියේ නිලධාරින් ඊයේ (26) කටයුතු කළේය.

    ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගෙන සහ අත්පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරීමට පොලිසිය පියවර ගනු ලැබුහ.

    මාර්ගයේ ධාවනය වන පෞද්ගලික සහ ලංගම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන්, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන වල රියදුරන්ද දැනුවත් කිරිමට පියවර ගනු ලැබීය.

    Latest News