නෝර්වුඩ් ගින්නකින් නිවාස 8ක් විනාශයි

පෙබ 17, 2020

    නෝර්වුඩ් බිලින්කිබොනි තේ වතු යායේ නිවාස පේලියක හටගත් ගින්නක් හේතුවෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

    එක් නිවසක ඊයේ රාත්‍රී හටගත් ගින්න සෙසු නිවාසවලට ද පැතිර ගිය බවයි වතු කම්කරුවන් පවසන්නේ. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් වී නොමැති අතර නිවාසවල තිබූ භාණ්ඩ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ගින්නෙන් අවතැන් වූ පවුල් 8කට අයත් සාමාජිකයන් 50 දෙනා වතුයායේම තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. නෝර්වුඩ් පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    5

    6

    DSC05677

    8

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 07:42

    Latest News