වතුකරයට විකුණන්න හැදූ මත්කුඩු මාට්ටු

ජූනි 11, 2019

    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරට අලෙවි කිරීමට තහනම් කර ඇති එන්.සී නමැති මත්ද්‍රව්‍ය ටින් 75ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඉන්දියාවෙන් මේ රටට නීතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සී නැමති මත්ද්‍රව්‍ය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සූදානම් කර තිබූ බව සැක කෙරේ.  සැකකරු කොළඹ ප්‍රදේශයෙන් මේවා රැගෙන විත් බගවන්තලාව තෙරේසියා  වතුයායේ ඔහු පදිංචි නිවසේ සඟවා තිබෙන  බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය මගින් මෙම වැටලිම සිදු කර ඇත.

    අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්රුම් 10 බැගින් කුඩා ටින් 75 ක අසුරා තිබුණි. මෙම මත්ද්‍රව්‍ය පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ  නිලධාරින් පැවසුවේ. සැකකරු  හැටන්  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 14:42

    Latest News