හැටන් බස් රථ අනතුරක් - 10ක් රෝහලේ

සැප් 15, 2020

    ලංගම බස් රථයක් සහ ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් - නිව්වැලිගම ප්‍රදේශයේදී අද (15) උදෑසන 7.45ට පමණ මෙම අනතුර සිදුව තිබේ. එම අවස්ථාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථය තුළ 25 දෙනෙක් පමණ ගමන් කර ඇත.


    ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් එය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත් නෝර්වුඩ් පොලීසිය පවසයි.

    Latest News