කොළොන්නාව - වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර,නල්ලූරුව වෙරළ ප්‍රදේශයේ පොලීසිය විශේෂ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 1200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් මීගමුව මහාධිකරණයෙන් පිරිනමා තිබේ.

කුරුණෑගල නගරයේ හෙරොයින් ජවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා සහ තවත් අයෙකු දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී රත්නපුර ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 8 ක් මත්‍ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

ජුලි 10වැනි දින නාවික හමුදා බාරයට ගැනුණු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට අයත් දේශීය බහුදින යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැක කෙරෙන කිලෝ 85කට ආසන්න ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 60 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 10ක් සමඟ 42 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබේ.

අතුරුගිරිය නගරයේ ඊයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 157ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

දින 7ක් රැඳවුම් නියෝග ලබා විමර්ශනය කරමින් සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු අනූව, ගාල්ල,කොස්ගොඩ ප්‍රදේශයේ එම සැකකරුගේ නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් ඊයේ සොයා ගැනිණ.

Latest News