update- අත්අඩංගුවට ගත් ඉරාන නෞකාවේ හෙරොයින් 85kg ක්

අගෝ 19, 2019

    ජුලි 10වැනි දින නාවික හමුදා බාරයට ගැනුණු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට අයත් දේශීය බහුදින යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැක කෙරෙන කිලෝ 85කට ආසන්න ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

    ඒ අධිකරණ නියෝග මත යාත්‍රාව දැඩි පරීක්ෂාවට ලක් කිරීමේදී. යාත්‍රාව අත්අඩංගුවට ගැනුණේ ගාල්ල ප්‍රදේශයට නුදුරු මුහුදේදී. එහි තිබී හෙරොයින් සහ හසීස්වලට සමාන මත්ද්‍රව්‍ය සාම්පල සොයා ගැනිණ. මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගැනිණ.

    ඒ අනූවයි, අධිකරණ නියෝග මත එම දේශීය බහුදින යාත්‍රාව පරීක්ෂා කෙරුණේ. එහි විශේෂයෙන් සකසන ලද කොටසක ඉතා සූක්ෂමව සඟවා තිබූ හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ඊයේ සොයා ගැනිණ. ඉකුත් ජුලි 11 වැනිදා ඉරාන ජාතිකයින් 6 දෙනෙකු සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් ද ශ්‍රී ලංකාවට දකුණුදිග මුහුදේදී නාවික හමුදා බාරයට ගනු ලැබීය.

    එහි තිබී හෙරොයින් කිලේ 70ක් පමණ සොයාගත් අතර, ඊට පසුදින අත්අඩංගුවට ගැනුණු දේශීය යාත්‍රාව අතර යම් සම්බන්ධයක් පැවතිය හැකි බවට, සැක කළ බැවින්, දේශීය යාත්‍රාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරිණ. නාවික හමුදාව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදී තිබේ.

     

     

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 08:07

    Latest News