2013 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.6 ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

දිවුලපිටිය බස් නැවතුම්පොළ අසළ දී හොරොයින් කිලෝ ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 600ක් සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකොටුව,රෝහිණී පටුමගේ දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 66ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිණ.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.25 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

රුපියල් කෝටියක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු වව්නියාව,සෙට්ටිකුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

මන්නාරම, පෙරියකරසාල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ‍හෙරොයින් මිලිග්‍රෑම් 335 ක් සහ කේරළ ගංජා මිලිග්‍රෑම් 2910 ක් ලඟ තබාගත් පුද්ගලයින් පස් දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනාවන්ට මරණීය දණ්ඩනය නියමවු සිරකරුවන්ට එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගත් තීරණය වළක්වමින් පැනවු තහනම් නියෝගය දෙසැම්බර් 10 තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.33 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 36 හැවිරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.

Latest News