අතුරුගිරියේ හෙරොයින් ජාවාරම්කරුවන්ට මාංචු

ජූලි 06, 2019

    අතුරුගිරිය නගරයේ ඊයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 157ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී විසින් ඔවුන් අත්අඩංගුවට ගැනිණ. සැකකරුවන් අවුරුදු 30 හා 36 වයසැති පන්නිපිටිය පදිංචිකරුවන්. සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ අතර කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 20ක් ලබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ඊයේ ඉදිරිපත් කර තිබේ. වැටලීම සිදුකර ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින්. සැකකරු අවුරුදු 33ක් වයසැති කොළඹ 12 පදිංචි පුද්ගලයෙක්. අදාළ සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරේ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 11:42

    Latest News