ගාල්ලට කුඩු බෙදූ සැකකරුට මාංචු

ජූනි 24, 2019

    දින 7ක් රැඳවුම් නියෝග ලබා විමර්ශනය කරමින් සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු අනූව, ගාල්ල,කොස්ගොඩ ප්‍රදේශයේ එම සැකකරුගේ නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් ඊයේ සොයා ගැනිණ.

    ඔහු ඉකුත් 19වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 330,මිලිග්‍රෑම් 600ක් ළඟ තබාගැනීම හේතුවෙන්. ඉකුත් 20 වැනි දින සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර,විමර්ශන සිදු කෙරිණ. ඔහු අනාවරණය කළ කරුණු අනූව, ඊයේ සවස සැකකරුගේ නිවසේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 506යි මිලිග්‍රෑම් 700ක්. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on සදුදා, 24 ජූනි 2019 07:54

    Latest News