හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.77 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඇසක් ආබාධිත හිටපු යුද හමුදා සෙබළෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

මෝදර, ජයගත්පුර ප්‍රදේශයේ නිවසක හෙරොයින් අළෙවිකරන බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමක දී ලක්ෂ 7 පමණ වටිනා හෙරොයින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම,හබරකඩ ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් කිලෝ 3.6ක් ඇල්පිටිය,කුරුඳුගහහැතැක්ම අධිවේගී පිවිසුම ආසන්නයේ ගරාජයක් අසළ තිබී  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා "ජීවන් මල්ලී" රුපියල් කෝටි 6කට අධික හෙරොයින් කිලෝ ග්‍රෑම් 5ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් 2kg - 549g ක් හා ගිණි අවියක් සමග සැකකරුවෙකු මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී අද (02) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල පොලිස් වසමට අයත් හෙට්ටිපොළ පාර, කඹුරාපොළ හන්දියේ දී ඊයේ රාත්‍රී සිදු කළ පරීක්ෂාවක දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි අත්අඩංගුවේ සිටින හෙරොයින් ජාවාරම්කරු කංජිමානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන නවුෆර් මොහොමඩ් අලී කොලොන්නාව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම්10 මිලිග්‍රෑම් 480ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් කෝටි හතක් වටිනා හෙරොයින් සහ ‘ඈශ්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු පෝරුතොට දී අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News