හෙරොයින් ජාවාරම් කළ ඉන්දියානු 02කට ජීවිතාන්ත සිරඳඩුවමක්

සැප් 17, 2019

    ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් මීගමුව මහාධිකරණයෙන් පිරිනමා තිබේ.

    ඉන් එක් සැකකරුවෙකු වන දනිවෙල්මනි හෙරොයින් ග්‍රෑම් 212ක් 2017 දෙසැම්බර් මස 28 වැනිදා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත. අනෙක් සැකකරු වන්නේ ජලාල්ඩීන් මොහොමඩීන් වන අතර, ඔහු හෙරොයින් ග්‍රෑම් 837ක් 2016 වසරේ අගෝස්තු 28 වැනිදා ආනයනය කර සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරිම යන චෝදනාවලට වැරදිකරු විය.

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 19:44

    Latest News