ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් අම්බලන්ගොඩ, කොස්ගොඩ නගරයේදී හෙරොයින්‌ ග්‍රෑම් 05 කට වැඩි ප්‍රමාණයක්‌ සමග පුද්ගලයෙකු අත්‌අඩංගුවට ගෙන තිබේ.

අඹතලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ, හෙරොයින් කිලෝ 42ක් සහ අවි ආයුධ තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසය සොයා ගෙන තිබේ.

පිළියන්දල, සුවාරපොළ නිවසක මත්කුඩු ඇසුරුම් කරමින් සිටි යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ජාවාරමේ යෙදී සිටි බොරැල්ල ප්‍රදේශයේ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

හෝමාගම පොලිස් වසමේ ප්‍රගති මාවත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ, අහුංගල්ල, පාවැලිකන්ද ප්‍රදේශයේ නිවසක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය හෙරොයින් හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල වැලියාය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2ක් අගෝස්තු 10 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මුල්ලේරියාව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොයින් හා තවත් උපකරණ කිහිපයක් සමග සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

දෙහිවල පොලිස් වසමේ ඕබන් ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News