මොනරාගලදී හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

ජූලි 29, 2020

    මොනරාගල වැලියාය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2ක් අගෝස්තු 10 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඒ සැකකරුවන් ඊයේ මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    වැටලීම සිදු කරනු ලැබුවේ මොනරාගල පොලිස් වැටලීම් ඒකක විසින්. ඔවුන් අත්අඩංගුවට ගැනුනේ, මයුරගිරිය ප්‍රදේශයේ සිට වැල්ලවාය දක්වා යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී. යතුරු පැදියක් සහ ජංගම දුරකතන දෙකක් ද පොලිස් බාරයට ගැණින. සැකකරුවන් වැලියාය සහ දඹගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ගෙන් එක් අයෙකු මීට පෙර ද වැරදි රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

    Latest News