හෙරොයින් සමග කතක් දෙහිවලදී අත්අඩංගුවට

මැයි 17, 2020

    දෙහිවල පොලිස් වසමේ ඕබන් ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීමක සිදුකර තිබෙන්නේ බස්නාහිර පළාත් දකුණ අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 50 ක් සන්තකයේ තබා සිටි සැකකාරිය දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 22 ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    අද(17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකාරිය ඉදිරිපත් කිරීමට නියමිතයි. දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News