හෙරොයින් සමග සැකකාරියන් 3ක් අත්අඩංගුවට‍

ජූලි 09, 2020

    හොරොයින් හා තවත් උපකරණ කිහිපයක් සමග සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    හුංගම,බටඅත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 53කට ආසන්න ප්‍රමාණයක් සමග මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ දෙකක් මැගසිනයක්,බෝට්ටු සමග සම්බන්ධවන සැටලයිට් දුරකථන 4ක් සොයා ගැනිණ.

    අත්අඩංගුවට පත් සැකකාරියන් අවුරුදු 32,28 හා 33 වයස්වල පසුවන්නන් වෙයි.

    Latest News