හෙරොයින් සමග යුවලක් සුවාරපොල දී අත්අඩංගුවට

අගෝ 26, 2020

    පිළියන්දල, සුවාරපොළ නිවසක මත්කුඩු ඇසුරුම් කරමින් සිටි යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (25) සවස 2 ට පමණ මොරටුමුල්ල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

    මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවල වයස අවුරුදු 39 ක් හා 43 ක් වන අතර හෙරොයින් ග්‍රෑම් 75 ක් සමග අත්අඩංගුවට පත්ව තිබේ.

    ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනම මත රැඳී සිටින නිවසේ සිට හෙරොයින් ජාවාරම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    සැකකරුවන් අද (26) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News