කලිසම් වාටියේ හෙරොයින්

සැප් 09, 2020

    ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් අම්බලන්ගොඩ, කොස්ගොඩ නගරයේදී හෙරොයින්‌ ග්‍රෑම් 05 කට වැඩි ප්‍රමාණයක්‌ සමග පුද්ගලයෙකු අත්‌අඩංගුවට ගෙන තිබේ.

    ලද තොරතුරක්‌ මත කැබ් රථයක්‌ නවතා සැකකරු පරීක්ෂා කළ අවස්ථාවේ කලිසම්‌ වාටියක සඟවා තිබී මෙම හෙරොයින් සොයා ගෙන ඇත. කැබ් රථයේ තිබී ජංගම දුරකතන 04ක්‌ සහ සිම්පත් 08ක් සොයා ගත්‌ අතර, සැකකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 20ක මුදල් පාර්සලයක් සොයා ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු 30 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Latest News