හෝමාගම,මහ කටුවාන ප්‍රදේශයේ නිවසක් තුළ හෙරෝයින් පැකට් කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (15) රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.

සේදවත්ත, වේරගොඩැල්ල කලූපාලම අසළ ප්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 40යි මිලිග‍්‍රෑම් 737ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (14) රාත්‍රි මොනරාගල වදිනහෙලයාය ප්‍රදේශයේ හෙරොයින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ පොලිස් වැටලීමකදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තාවේ.

හෙරොයින් පැකට් 15ක් කේක් ගෙඩියක් තුළ සූක්ෂම ලෙස සඟවාගෙන රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

රුවන්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන කළු තුෂාරගේ වැල්ලම්පිටියේ ගෝලයා ගොතටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනෙක් හෙරොයින් ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මිලිග්‍රෑම් 5527ක් සමග සැකකරුවෙක් ඊයේ ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ.

පුත්තලම - කොළඹ මාර්ගයේ කලපුව ආසන්නයේ සිදු කළ වැටලීමකදී, එම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හෙරොයින් ග්‍රෑම් 75ක් සමග අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද අලුයම සමත් විය.

වැල්ලම්පිටිය,වෙන්නවත්ත රණශූර මාවතේ දී හෙරොයින් ග්‍රෑම් 100 මිලි ග්‍රෑම් 983ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

Latest News