හෙරොයින් 42kgක් අඹතලෙන් සොයා ගනී (වීඩියෝ)

අගෝ 26, 2020
  • අඹතලේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ, හෙරොයින් කිලෝ 42ක් සහ අවි ආයුධ තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසය සොයා ගෙන තිබේ.

    ඒ ඩුබායි බලා පිටත්ව යාමට තැත් කිරීමේදී, කටුනායක ගුවන් තොටුපලේ දී ඊයේ අත්අඩංගුවට ගත්, අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි.

    අංගොඩ ලොක්කාගේ එක් ගෝලයෙකුගේ, අඹතලේ පිහිටි නිවසක හෙරොයින් කිලෝ ග්‍රෑම් 42ක් මෙලෙස සඟවා තිබේ. මෙවැනි හෙරොයින් තොගයක් සමඟ අයාධ හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පවසයි.

    මේ අතර කටුනායක දී අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ මූල්‍ය පරිපාලන කටයුතු කළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නවගමුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව. 32 හැවිරිදි සැකකරු, සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 3ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සොයා ගැණින. තවද නවීන පන්නයේ මෝටර් රථ දෙකක්, ජංගම දුරකතන 4ක්, විවිධ බැංකුවලින් නිකුත් කරන ලද මුදල් කාඩ්පත් කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 20:03

    Latest News