හෙරොයින් 170g ක් සමඟ දෙදෙනෙක් තලංගම දී අත්අඩංගුවට

අගෝ 21, 2020

    හෙරොයින් ජාවාරමේ යෙදී සිටි බොරැල්ල ප්‍රදේශයේ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ හෙරොයින් ග්‍රෑම් 170ත් සමඟයි. තලංගම පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරිණ. කලක සිට ජාවාරමේ යෙදී ඇති කාන්තාව සතුව මුදලින් රුපියල් තිස් දහසක් සහ ජංගම දුරකතන 06ක් ද තිබු බව පොලිසිය පවසයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් සඳහා යොදාගත් මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන තිබේ. තිදරු මවක් වන 32 හැවිරිදි කාන්තාව උදයන්ති යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බව ද පොලිසිය පවසයි. දරුවන් තිදෙනා පරිවාස භාරයට පත් කිරිමට නියම කළ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර කාන්තාව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

    මේ අතර මොරටුව එගොඩඋයන පොලිසිය කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු රුපියල් ලක්‍ෂයකට වැඩි මුදලක් සහ හෙරොයින් ග්‍රෑම් 05ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 27 හැවිරිදි සැකකරු කොරොලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Latest News