සංචරණ සීමා මැද හෙරොයින් පැකට් කළ සැකකරු අල්ලයි

ජූනි 16, 2021

    හෝමාගම,මහ කටුවාන ප්‍රදේශයේ නිවසක් තුළ හෙරෝයින් පැකට් කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (15) රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදුකළ අවස්ථාවේ දී සැකකරු පළායාමට උත්සහ කර ඇති අතර හෝමාගම පොලීසිය විසින් ඔහු අල්ලා ගෙන තිබේ.

    ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 35ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 6කට ආසන්න බවයි පොලීසිය පවසන්නේ.

    21 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 16 ජූනි 2021 12:30

    Latest News