කළු තුෂාරගේ ගෝල 'අසංක' හෙරොයින් සමග අත්අඩංගුවට

සැප් 22, 2020

    වැලිකඩ බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන කළු තුෂාරගේ වැල්ලම්පිටියේ ගෝලයා ගොතටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන කළු තුෂාර නැමැත්තා වැලිකඩ බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් සිදුකරන අතර ඔහුගේ ගිණුමට මුදල් බැර කර හෙරොයින් ලබාගෙන වැල්ලම්පිටිය ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරින පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ ගොතටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 53 මිලිග්‍රෑම් 770ක් සොයා ගැනිණ. 29 හැවිරිදි 'අසංක' හෙවත් 'චතුරංග' ලෙස පෙනී සිටින මොහු මිනීමැරුම් චෝදනා මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තුකරුවෙක් වෙයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන ප්‍රශ්න කර ඔහුගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගන්නා බව ගොතටුව පොලිසිය පවසයි.

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 11:02

    Latest News